ගෑස් අනතුරකින් තවත් ජීවිතයක් බිලිගනියි..
Accident
Sri Lanka
Gas blast
Mahanuwara kundasale
By Aruna
දිවයිනේ පසුගිය සති කිහිපය පුරා ගෑස් ආශ්‍රිත අනතුරු රැසක් වාර්තා වුණා.
එලෙස සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිටි 51 හැවිරිදි දෙදරු මවක්.
පසුගිය පළමුවැනිදා සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරක් හේතුවෙන් එම කාන්තාව බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ප්‍රියංගනී අශෝකා සෝමසිරි යන මෙම කාන්තාව මාතලේ, හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, කුණ්ඩසාල ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත සිට තිබෙනවා.
එහිදී මෙම කාන්තාව එම අනතුරට මුහුණ දී ඇති අතර ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 10 වැනිදා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |