පොලීසිය ගම්පොළ සිදුකළ වෙඩි තැබීම ගැන එළියට ආ අලුත්ම තොරතුරු

By Sithumi May 21, 2023 01:42 PM GMT
Report

 නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ ස්ථානයක පොලීසිය සිදුකළ හදිසි‍ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

අද (21) අලුයම එම නිවසේ සුනඛයා ද වෙඩි වැදීමෙන් මිය ගොස් ගියේය. ගම්පොළ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක්  එම ස්ථානය වැටලීම සඳහා ගොස් තිබුණි.

එහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් අදාළ නිවසේ ඇතිකළ රොට් වයලර් වර්ගයේ සුනඛයෙකු එම ස්ථානයේදීම මිය ගියේය. අදළ නිවසේ සිටි වයස අවුරුදු 19ක තරුණයෙකුගේ පාදයකටද වෙඩි වැදීමෙන් තුවාල සිදුවුණි.

මේ අතර,වෙඩි වැදුනු තරුණයා රෝහලට රැගෙන යෑමට පොලීසිය බාධා කළ බවට නිවැසියන් චෝදනා එල්ල කරති.

"මේක ඇතුළේ විනාඩි 45ක් තියා ගත්තා වෙඩි වැදුන ළමයාව අපිට ගෙනියන්න දෙන්නේ නැතුව. ඒ අය ගෙනිච්චෙත් නෑ. අපිට ගෙනියන්න දුන්නෙත් නෑ මාංචු දාලා මේක ඇතුළේ තියාගෙන හිටියා. 6.15ට අපි බලෙන් පොර අල්ලලා වගේ තමා තල්ලු කරලා දාලා අපේ වීල් එකේ අරන් ගියේ. ගෙනියන්න දුන්නේ නෑ.

මම ඔතන ඉඳලා කෑ ගැහුවා වෙඩිතියන්න එපා වෙඩිතියන්න එපා කියලා. මහත්තයාලටත් දරුවෝ ඉන්නවා අපිටත් දරුවෝ ඉන්නවා. කොල්ලෙක් අවුරුදු 18ක එකෙක් මොනවා කරලා හදාගන්නද මැරුණොත් එහෙම. අපිට නිකන් හිරේ විලංගුවේ යන්න වෙන්නේ. එහෙම නැත්නම් මුන්ගෙන් පළිගන්න වෙන්නේ. ඔය කරන අපරාධවලට."