බැසිල් විමල් සහ ගම්මන්පිල අතර ගැටුම ට හේතුව ඇමතිවරයෙක් හෙළිකරයි.. මෙන්න ප්‍රභලම හෙළිදරව්ව

By Sithumi Mar 08, 2022 04:27 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණි. එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කළයුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළ බවය

. "මොන ඇමති ඉවත් කළත් මොන දේශපාලන තීන්දුව ගත්තත් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපි එතුමා එක්ක ඉන්නවා කියලා අපි සියලුදෙනාම අද අත්දෙකම උස්සලා පොරොන්දුව දුන්නා." "අවලස්සන අමෙරිකානුවා කියලා චෝදනා කරන විනයක් නැති විමල් සහ උදය වගේ ඇමතිවරු ගැන අපිට ලැජ්ජයි. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා."

"බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අපිට උපදෙස් ලබාදුන්නේ පුළුවන් තරම් ඉන්න කට්ටිය ආරක්ෂා කරගෙන යමු කියලයි." "අමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනාව සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙම නම් යුද්ධය කාලයේ තමයි එතුමාට ඒක කරන්න තිබුණේ."

"ඒ නිසා ඒ චෝදනාව ගැන එතුමා දුක්මුසු තත්ත්වයක ඉන්නවා අපි දැක්කා." මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් හා බැසිල් රාජපක්ෂ මහතා දීර්ඝ කාලයක සිට වෛරයකින් පසුවන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා, "බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ අවලස්සන ගතියක් අපිට නම් පේන්නේ නෑ.

ඒ අයට අවලස්සනට පේනවා ඇති. මං කළු වුණාට මටත් ඇමරිකානුවා කියලා කියන්න පුළුවන්." "ද්විත්ව පුරවැසියෝ ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමහරුන්ට ඕන කරලා තියෙනවා කබරගොයා තලගොයා කරගන්න." "පහර දෙන්න ඕන වුණාම හොඳ කියන්නේ නැහැනේ."

"කෝන්තරයක් තියෙනවා කියන එක දන්නවා. මොකක් බෙදාගන්නද කියලා අපිට තේරෙන්නේ නෑ. හැම වෙලාවෙම ඒක ඉස්මතු වෙනවා." "කැබිනට් මණ්ඩලයට ගියත්, රැස්වීමකට ගියත් ඉස්මතු වෙනවා. වපර ඇහෙන්මයි බලන්නේ." "බැසිල් ඇමතිතුමා දෙයක් ඉදිරිපත් කරපුවාම ඒක විවේචනයට ලක්කරනවා. පක්ෂය හදනකොටත් එහෙමනේ."

"ආණ්ඩුව ගත්තාම බැසිල් ඇමතිතුමා හොඳයි.. දැන් අයෙමත් නරක් වෙලා තියෙන්නේ. කෝන්තරයක් පිරිමන්න හදන්නේ. මේක පුදුම වෛරයක්. මොකක් නිසාද කියලා හොයා ගන්න බෑ."