විදුලිබල ඇමැතිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි
By Sithumi
විදුලි බල හා බළ ශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරුගේ නිවස ඉදිරිපිටදී අද රාත‍්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක (41) නැමැත්තෙකුටය මොහුගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකින් පසුව ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි පොලිසිය පවසයි
. බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |