ඥානසාර හිමි නිදහස ඉල්ලා ජනපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Galle Face Protest Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news
By R.rishma Oct 15, 2026 04:19 PM GMT
Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිසක් තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එහිදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අදාළ කූඩාරම ඉවත් කරන ලෙස පොලීසිය දැනුම් දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසින් එය මාර්ගයේ පසෙකට ගෙන යාමට පියවර ගෙන තිබේ.