සාමකාමී විරෝධයට පහර දුන් පුද්ගලයින් 8ක් CID අත්අඩංගුවට..!

CID - Sri Lanka Police Nihal Talduwa Galle Face Protest Gota Go Gama
By Sewvandhi May 18, 2022 04:36 PM GMT
Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, මයිනගෝගම සහ ගොටගොගම සාමකාමී විරෝධතාව පැවති ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

ගොඨාගොගම සහ මයිනගෝගම සාමකාමී විරෝධතා ස්ථානවලට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නගරාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ තවත් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බදාදා (18) අත්අඩංගුවට ගෙන ඇත.

තවද, සැකකරුවන් බ්‍රහස්පතින්දා (19) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

ගෝඨාගොගම සහ මයිනගෝගම සාමකාමී උද්ඝෝෂණ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බදාදා (18) නියෝග කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now