LPL - ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම ලබාදුන් ඉලක්කය..

Cricket Sri Lanka Cricket
By Sithumi Dec 12, 2022 11:44 AM GMT
Report

LPL තරගාවලියේ කැන්ඩි කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස්කර ගැනීමට සමත්වුණා.  

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ තනුක දාබරේ පන්දු 51කදී ලකුණු 70 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්. හතරේ පහර 5ක් සමගින් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 50කදී ලකුණු 56ක් රැස්කළා. 

 අගනා පන්දු යැවීමක නිරත වූ Carlos Brathwaite නිලකුණු පන්දුවාරයක් සමඟ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර ඉසුරු උදාන ලකුණු 19කට කඩුලු 2ක් දවාගත්තා.