නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 16, 2023 08:44 AM GMT
Report

ඊයේ (15) පස්වරුවේ ගලේවෙල, කලාවැව පාර, කොන්ගොල්ල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන මුළුමනින් විනාශ වී ගොස් තිබේ.

මෙම නිවසේ පදිංචි ව සිට ඇත්තේ, පි.ජී.චමින්ද කුමාර සහ කේ.ඒ.නිසංසලා චතුරාණි යන දෙපළ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනායි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති නමුත් ඔවුන්ගේ නිවස සහ එහි තිබූ සියල්ල ගින්නෙන් පිලිස්සී විනාශ වී ඇත.

මේ වන විට එම පිරිස ග්‍රාම නිලධාරිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තාවකාලික නවාතැන්පොළක නැවැත්වීමට කටයුතු කර තිබේ.

දරුවන් තිදෙනා වයස අවුරුදු 05ත් 10ත් 12ත් අතර සිටින බවත් ඔවුන්ගේ පාසල් පොත්පත් සියල්ල ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා වනවා.

මෙම දෙමාපියන් ඉතා දුෂ්කරතා මධ්‍යයේ සිය දරුවන් පොෂණය කර ඇත්තේ, කුලී වැඩ කරමින් සොයා ගන්නා මුදලෙන් පමණි.

මෙම අසරණ වූ පවුලට කාගේ හෝ උදව් උපකාර අවැසි බැවින් ඒ සඳහා සහාය විය හැකි නම්, කාංචන කුමාර ආරියදාස අප ප්‍රාදේශීය වාර්තාකරු අමතා ඔවුන් සම්බන්ධ කර ගත හැකිය. කාංචන කුමාර ආරියදාස 077 341 6157