බස්රථය නැති නිසා ලොරියක පාසල් ගිය සිසුන් 13ක් ලොරි තට්ටුව කඩාවැටී රෝහලට
Anuradhapura
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය. ගලෙන්බිදුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මෙසේ ලොරි රථයකින් පාසල් ගොස් ඇත්තේ බස් රථය නොපැමිණීම නිසා ය.
ලොරි රථයේ තට්ටුව අතරමගදී කඩා වැටී ඇති අතර එහි සිටි සිසුන් තිස් හත් දෙනාගෙන් දහතුන් දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලබා ඇති දරුවන් රෝහල් ගත කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |