අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි - විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By krishani May 27, 2023 04:39 AM GMT
Report

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි ය.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272ක් ඉල්ලුම් කර තිබෙනවා.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, දින 5කට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන බවත් විභාගයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු අවසන් කර ඇති බවත් ය.

එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති සිසුන්, බන්ධනාගාර රැඳවියන් සහ පිළිකා රෝගීන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

මේ අතර ඩෙංගු වැළඳී ඇති විභාග අපේක්ෂකයින් සිටී නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

කෙසේවෙතත්, 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා සිට ජුනි 8 වැනිදා දක්වා ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 ක දී අයදුම්කරුවන් 472,553 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join