Furby රොබෝ ජීවියා නැවතත් කලඑළි බසී..(PHOTOS)

United States of America
By Sewvandhi Jun 23, 2023 10:24 AM GMT
Report

ඇමරිකානු සෙල්ලම් බඩු දැවැන්තයා වන Hasbro විසින් වසර 50කට පෙර දියත් කරන විට ඉතා ජනප්‍රිය වූ Furby රොබෝ ජීවියා නැවතත් නිර්මාණය කර තිබෙනවා.

Hasbro සමගම පවසන්නේ, නව පරම්පරාවේ දරුවන් මේ කුතුහලය දනවන රොබෝ ජීවියාට ආකර්ෂණය වන බවට අපේක්ෂා කරන බවයි.

නව Furby එහි හුරුපුරුදු බල්බ ඇස්, කහ හොට සහ වර්ණවත් ලොම් සහිතව නිර්මාණය කර තිබෙනවා. එය අමුතු කට හඩකින් කතා කරන අතර වැළඳගැනීම්, තට්ටු කිරීම් සහ කිති කැවීම් වලට ප්‍රතිචාර දක්වනවා.

සෙල්ලම් බඩු කර්මාන්තය මන්දගාමී ඉල්ලුමකට මුහුණ දී සිටින බැවින් මෙය නැවතත් නිර්මාණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම සෙල්ලම් බඩුව දියත් කිරීමෙන් පසු පළමු වසර තුන තුළ ඒවායින් මිලියන 40 කට වඩා අලෙවි වූ බවයි.

GalleryGalleryGalleryGalleryGallery