22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ප්‍රතික්ෂේප කළේය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, දැනට අසුන්ගෙන සිටින විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදුකරන බවත්ය.
අදාළ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණි.
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥවරුන් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින සියලු විනිසුරුවරුන් අසුන් ගන්වා මෙම පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි.
පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥවරුන් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින සියලු විනිසුරුවරුන් අසුන් ගන්වා මෙම පෙත්සම් විභාගයට ගන්නා ලෙසයි.
එම ඉල්ලීමට ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලී සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් ද කරුණු ඉදිරිපත් කරමින් සහාය පළ කළහ.
කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරුන් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්හ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.