බාටර් ට්‍රේඩ් ක්‍රමයට මෙරටට ඉන්ධන - අලුත්ම තීරණයක්
                                    
                    Fuel Price In Sri Lanka
                
                                                
                    Sri Lanka Fuel Crisis
                
                                                
                    Iran
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ලබන ජුලි මස සිට ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ලංකාව මුලින්ම තේ අපනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමටය.
අදාල ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට අපනයනය කරන මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිතව ඇත.
එමෙන්ම ඉරාන තේ ආනයනකරුවන් ඉරාන ජාතික තෙල් සමාගම සඳහා රියාල් මගින් අදාළ ගෙවීම් කරනු ඇති බව වාර්තා වෙයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    