ඉන්ධන පිරවුම්හලකදී හමුදා සෙබළකුට පහර දුන් පුද්ගලයාට සිදු වු දේ

Sri Lanka Army Sri Lanka Economic Crisis Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 11, 2022 08:32 AM GMT
Report

ගම්පොල - ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකුට පහරදුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ අදාළ පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි ටිපර් රථ රියදුරෙකු විසින් බූලියකට ඉන්ධන ඉල්ලා එසේ ලබා නොදෙන බව යුද හමුදා සෙබළා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව සැකකරු ද තමාට පහරදුන් බව පවසමින් රෝහල්ගත වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අවස්ථාවේදියි. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now