සිදුවෙන්න ගිය මහා විනාශයක් ආරක්ෂ අංශ සහ පිරිසක් එක්වී නතර කරයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Fuel Crisis Accident
By Aruna Jun 21, 2022 06:42 AM GMT
Report

කඳානේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලට කිසියම් පුද්ගලයෙකු හෙල්මටයකට ගිනි තබා විසි කර තිබේ.

එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හා ඉන්ධන හලේ සේවකයන් වහා ක්‍රියාත්මක වී එම ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

ඒ හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය.

පිරවුම්හලට ඉන්ධන ලැබීමෙන් පසු ඉන්ධන නිකුත් කරමින් යන අතරවාරයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

හෙල්මටය විසි කළ පුද්ගලයා පලාගොස් ඇති අතර පොලිසිය ඔහු සොයා පරීක්ෂණ සිදුකරමින් සිටින බවද කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now