ඉන්ධන මිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Fuel Price In Sri Lanka University of Peradeniya Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Jun 16, 2024 08:07 AM GMT
Report

ගෝලීය වශයෙන් බොරතෙල් මිල සැළකිය යුතු ලෙස පහළ ගිය ද රජයට මිල අඩු කිරීමට සිදුවන්නේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ක්‍රමානුකූලව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටිනවා.

පිරිපහදු කළ ඉන්ධන සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කරන බැවින් ඒ අනුව මෙරට තුළ ඉන්ධන මිල තීරණය වන බවයි, අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආනයනික බොරතෙල්වලින් දේශීය වශයෙන් පිරිපහදු කරන්නේ මුළු ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බොරතෙල් මිල පහත වැටීම ශ්‍රී ලංකාවේ පිරිපහදු කළ ඉන්ධනවල මිල ගැලපීම් කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇති නොකරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)

සංගීත ප්‍රසංගයේ තරුණියත් එක්ක නටපු තරුණායාගේ ගෙළ කපා මරාදමයි..කිසිවෙකු නොසිතූ සංවේදී සිදුවීම මෙන්න.(PHOTOS)


මේ අතර, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවයි.

ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

කෝලිට පෙම්බැන්ද තරුණිය ලොවම පුදුම කරමින් කරගත් දේ මෙන්න.(PHOTOS)

කෝලිට පෙම්බැන්ද තරුණිය ලොවම පුදුම කරමින් කරගත් දේ මෙන්න.(PHOTOS)


පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.

එය පසුගිය වසරේ දෙසැම්බර් වන විට බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා.

මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් 83 දක්වා වැඩිවි නැවත පසුගිය ජුනි වන විට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා.

ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.

එහෙත් ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් වන විට රුපියල් 420 ක් පමණ වුණා.

අද වෙනතුරු පවතින්නේද එම මිලමයි. පෙට්‍රල් 92 ලීටර් එකක මිල 2023 සැප්තැම්බර් වනවිට රුපියල් 365ක් ලෙස පැවැති අතර අදවන විට එය රු 355 ක් ලෙස රුපියල් 10 කින් පමණ පහළ ගොස් තියෙනවා.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.

කුඩා කාලය සුන්දර කල මිහිර පුවත්පත අවසන් ගමන් යයි. -අවසානයේ සිදු වන දේ මෙන්න.


එනම් මිල අඩු වී අත්තේ සියයට 2කින් පමණයි.ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට රුපියල් 351 ලෙස තිබූ අතර අදවන විට එය රුපියල් 317 දක්වා සියයට 11කින් පමණ පහළ ගිහින් තියෙනවා.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් වන විට පැවැතියේ රුපියල් 421 ක් ලෙසය.

එහෙත් අද වනවිට ලීටරයක මිල වන්නේ රුපියල් 377 කී. එනම් පහළ ගොස් අත්තේ සියයට 12 කින් පමණය.