අද සිට නව සංශෝධිත ඉන්ධන මිල ගණන් මෙන්න..පෙට්‍රල් මිල ටත් සිදු වූ දේ..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Kanchana Wijesekera Fuel Price In World National Fuel Pass
By Aruna Aug 01, 2023 12:22 AM GMT
Report

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනු ලැබුවා.

ඒ, මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුවයි.

ඒ අනුව, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 348 ක්.

මෙහිදී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 375 ක්.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් දෙකකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 306 ක් වනවා.

මේ අතර, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ, එහි නව මිල රුපියල් 258 ක් වන බවයි .

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

ඒ් අනුව එහි නව රුපියල් 226 ක් වනු ඇති.

මේ අතර ඊයේ(31) මධ්‍යයම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.