ඉන්ධන මිල ගැන රටටම සුබ ආරංචියක් ගෙන එන දින වකවානු ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Apr 12, 2023 07:13 AM GMT
Report

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස දෙක ඇතුළත සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීමෙනි. චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්. පාක්ස් කියන ආයතන තුනට මෙරට තෙල් බෙදාහැරීමේ බලය මේ වන විට හිමිව තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ ඉන්ධන බෙදාහරින පිරවුම්හල් එක්දහස් එකසිය හතළිස් දෙකක් ඇත. ඒ අතරින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පූර්ණ හිමිකම ඇත්තේ පිරවුම්හල් දෙසිය තිස් හතරකය.

ඉතුරු පිරවුම්හල් නවසිය අටෙහිම පෞද්ගලික බෙදුම්කරුවන්ට අයත්වේ.

මෙම පිරවුම්හල් නවසිය අටෙන් හාරසිය පනහක් සමාගම් තුනක් එක්ක කටයුතු කිරීමට යෝජනා කළ ඇති අතර ඊට අමතරව එම පිරවුම්හල් ඔවුන්ටම අයිති වන බව ඇමැතිවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සෑම සැපයුම්කරුවකුටම අලුතින් පිරවුම්හල් පනහක් ඉදිකර ගැනීමට අවස්ථාව හිමි වන බවත්,එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් දෙසීය බැගින් ලබාදීමට කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now