ඉන්ධන මිල සූත්‍රය ගැන අලුත් ආරංචියක්..කරන්න වන දේ මෙන්න.

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Nov 06, 2022 04:07 AM GMT
Report

නියමිත දිනකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගතාව පළ කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන දිනය, එදින රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යවරයා එකගතාව පළ කළ බවයි.

නිශ්චිත දිනවලදී මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මතුවන ගැටලු පිළිබද අමාත්‍ය කංචන විජේසේකර දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකගතාව පළ කළ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මින් ඉදිරියට හිගයකින් තොරව ඉන්ධන බෙදා හැරීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now