මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ වුණ නොහිතපු වෙනස - පොකට් එකට දැනෙන ගානකින් ද?.

Fuel Price In Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 01, 2024 12:36 AM GMT
Report

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.

මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ වුණ නොහිතපු වෙනස - පොකට් එකට දැනෙන ගානකින් ද?. | Fuel Price In Sri Lanka 31Marth 2024

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් පහත දැමූ අතර එහි නව මිල 440ක් වේ.

එමෙන්ම, සුපිරි ඩීසල් රුපියල් 72කින් අඩුවන අතර එහි නව මිල 386ක් වේ.

තව ද, ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහත දමා ඇති අතර එහි නව මිල 245ක් වේ.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිලේ වෙනසක් සිදු කර නොමැත.

තවත් ඉන්ධන වර්ගයක මිල සංශෝධනය වෙයි - එහි මිල සටහන් වූයේ මෙහෙමයි.. (UPDATE)

තවත් ඉන්ධන වර්ගයක මිල සංශෝධනය වෙයි - එහි මිල සටහන් වූයේ මෙහෙමයි.. (UPDATE)


එමෙන්ම, ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශිත මිල ගණන් වලට සමානව සිය ඉන්ධන මිල ගණන් ද පවත්වා ගැනීමටයි. 

මේ අතර, එම ඉන්ධන මිල සංශෝධනය කිරිමට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කරන බවයි.

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)

මහජන බැංකුව නැවතත් සිය ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීම මෙන්න.. (UPDATE/PHOTOS)


කෙසේවෙතත්, මීට පෙර මාර්තු මස 04 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කළේ ය.

ඒ අනුව, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් අඩු වූ අතර පසුව සංශෝධිත මිල වූයේ රුපියල් 447ක් ලෙසයි.

තෙල් මිලට ආයෙමත් වුණ දෙය - මාසේ අන්තිමට මෙහෙම වෙයි කියලා හිතුව ද?.

තෙල් මිලට ආයෙමත් වුණ දෙය - මාසේ අන්තිමට මෙහෙම වෙයි කියලා හිතුව ද?.


එමෙන්ම, රුපියල් 10කින් සුපර් ඩීසල් මිල අඩු කිරීමට පියවර ගත් අතර එහි සංශෝධිත මිල වූයේ රුපියල් 458ක් ලෙසයි.

තව ද, භූමිතෙල් මිල රුපියල් 05කින් අඩු කෙරුණු අතර, ඒ අනුව එහි සංශෝධිත මිල වූයේ රුපියල් 257ක් ලෙසයි.