ඉන්ධන මිල යළිත් වෙනස් වෙයි..?CPC සභාපති කියන කතාව..(VIDEO)

petrol Diesel Fuel crisis Sumith Vijesinghe CPC president
By Sewvandhi Mar 25, 2022 12:04 PM GMT
Report

විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේදී කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට හැකිබව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද (25) ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ බැංකු නියෝජිතයින් සහභාගිත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.

"අපි හඳුනාගත්තා දැනට සාමාන්‍ය පරිභෝජනයට වඩා වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව විසින් ඔවුන්ගේ එදිනෙදා පරිභෝජනයට ඉන්ධන ලබාගන්නවා කියලා. මීට අමතරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග මෙට්‍රික් ටොන් 2,000 ඩිසල්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 2,400ක් අවශ්‍යයි. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තීරණය කළා තවත් ඉන්ධන නැවත් ඉන්දීයානු ණය යටතේ ලබා ගන්න."

" ඒ නිසා ඩීසල් පිළිබඳ කිසිදු හිඟයක් ඇත්තේ නෑ. අපි ඉල්ලීමක් කරන්නේ ජනතාවගෙන් සංයමයකින් ඔවුන්ට එදිනෙදා අවශ්‍ය ඉන්ධන පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. කිසිඳු ඉන්ධන හිඟයක් නෑ. අපි පැහැදිලිවම කියනවා. ඒ අනුව විදුලිබලය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට අපි කටයුතු කරනවා. එදිනෙදා අවශ්‍ය ඉන්ධන ලබා දීමටත් අපි සැලසුම් කරලා තියෙන්නේ."

" ඉන්ධන බූලිවලට ලබා ගැනීම වැඩිවෙලා තියෙනවා. ඒ අනුව අපි උත්සාහ කළා කාර්මාන්ත සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පිරිස ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමාව දැනුවත් කරලා ඒ අවශ්‍ය නිර්දේශයක් ලබාගන්න. මොකද එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ඉන්ධන ප්‍රමාණයක් කර්මාන්ත සඳහා කියලා අරං ගිහින් තියනවා. අනවශ්‍ය ඉන්ධන තොග රැස්කිරීමට නතර කිරීමට කටයුතු කරනවා. "

ප්‍රශ්නය - මිලේ යම්කිසි වෙනසක් ඇති වෙයි ද?

"නෑ, මේ පවතින තත්ත්වය අනුව ඉක්මන් මිල පහළ යාමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාමක් සිදු වුනොත් අපි ඒ පිළිබඳවත් කල්පනා කරනවා, කොහොම ද ඒ සහනය ජනතාවට ලබා දේන්නේ කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now