රට පුරා ඉන්ධන ගැන ඇමතිගෙන් දැනුම්දීමක්...

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Kanchana Wijesekera Sri Lanka Fuel Crisis Petrol diesel price
By Aruna Jun 11, 2023 05:28 AM GMT
Report

‍කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් ද කංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දෛනිකව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන අතර දිවයිනේ සෑම පිරවුම්හලකම හිඟයකින් තොරව ඉන්ධන පවතින බව කංචන විජේසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now