අද සිට මෙරට ඉන්ධන වෙළඳ පොළට අලුත් බලාපොරොත්තුවක්..ඉන්ධන මිලත් අඩු කරයි?..
මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.
ඒ අනුව, එම සමාගම අද (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
මෙලෙස ඉන්ධන අලෙවිය සඳහා සමාගම් කිහිපයක් මේවන විටත් මෙරට වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
එවැනි තත්ත්වයක් තුළ ඉන්ධන අලෙවියේදී වෙළඳ පොළ තුළ තරඟකාරීත්වයක් හටගැනීමෙන් මිල පහළ යෑමක්ද සිදු විය හැකිය.
අධික ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන මොහොතක ඉන්ධන සැපයුම්කරුවන් අතර පවතින තරඟකාරීත්වය හරහා මිල පහළ ගොස් පාරිභෝගික ජනතාවට සහනයක් සිදුවනවා නම් එය මහත් අස්වැසිල්ලකි.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ මේවන විට දිනෙන් දින බොරතෙල් මිලෙහි සිදු වන උච්ඡාවචනය හරහා ලබන මාසයේ එනම් අප්‍රේල් 01 වනදාට මාසිකව සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හරහා මිල පහළ යෑමක් අපේක්ෂා කළ හැකි බවටයි ආරංචිමාර්ග අනුව දැගන්නට ලැබෙන්නේ.
විශේෂයෙන් සිංහල දෙමළ උත්සව සමයේ එවැනි ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩුවීමක් ජනතාව අපේක්ෂා කරයි.