ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් දකුණට රතු එළියක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Southern Province National Fuel Pass
By Aruna Jun 16, 2023 04:23 AM GMT
Report

කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඇතැම් රාජ්‍ය ආයතන කිව්.ආර්. ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවයි පිරවුම්හල් හිමියන් පවසන්නේ.

එවැනි අත්‍යවශ්‍ය ආයතනවලට ඉන්ධන ඇතැම් පිරවුම්හල්වලින් ලබා දී තිබුණ ද සංස්ථා නීතිරීති අනුව කිව්.ආර්. ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම නිසා ඉන්ධන සැපයීම අත්හිටුවීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙලෙස ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති ඉන්ධන පිරවුම්හල්වලින් සංස්ථාව නිදහසට කරුණු විමසා ඇති අතර ඔවුන්ට ඉන්ධන සැපයීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද පැවසේ.