ඉන්ධන බෙදාහැරීම ගැන සතුටුදායි ආරංචියක් - ගිවිසුමට අත්සන් තබයි..!

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi May 22, 2023 03:43 PM GMT
Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ, සයිනොපෙක් සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර අද (22) අත්සන් කළ ගිවිසුම අනුව සයිනොපෙක් සමාගමට වසර 20ක කාලයක් සඳහා මේ දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මෙහෙයුම් කටයුතු සිදුකළ ඉන්ධන පිරවුම්හල් 150ක ක්‍රියාකාරීත්වය සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමට අවසර හිමිවනු ඇති බවයි.

අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමඟ ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සයිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now