ලංකාවේ සියලු ප්‍රදේශවල ඉදිරි දින 3න තුළ කරන්න යන දේ..

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis Ministry of Agriculture Sri Lanka Fuel Crisis
By Sewvandhi Nov 28, 2022 01:17 PM GMT
Report

ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බවයි.

2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් (දෛනික සාමාන්‍ය 45.8) ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.එය 17% ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දී තිබෙනවා.

වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් ලබා දුන්නා.

ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කේෂ්ත්‍ර නිලධාරීන් මගින් තහවුරු කළ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද, ගොවීන්, කෘෂි ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්, ගොවිතැනට සම්බන්ධ සියළු සැපයුම් ජාලා වෙත අරපිරිමැස්මෙන් නමුත් කිසිවෙකු අත් නොහැරෙන ලෙස ඉන්ධන සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව ද තෙන්නකෝන් මහතා පවසනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now