වැඩි කළ ඉන්ධන කොටාව තෝරාගත් ත්‍රී රෝද රථ සඳහා පමණයි..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Oct 25, 2022 03:50 PM GMT
Report

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීමේ හැකියාව පවතින්නේ තෝරාගත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. 

 "පුද්ගලික පරිහරණයට ගන්නා ත්‍රිරෝද රථයකට මේ තෙල් කෝටාව දීමේ හැකියාවක් නැහැ. මේ තෙල් ටික දෙන්නේ මගී ප්‍රවාහනය සඳහා සම්බන්ධ වෙන ත්‍රීරෝද රථ සඳහා පමණයි... පළමු පියවරේදී. ඒ දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න නියමනය වෙනවා. ඒක දුවන්නේ නැත්නම් ඊළඟ අදියරයේදී.. ඊළඟ සතියේදී මේක අනිවාර්යෙන්ම ඉවත් කරලා නියම තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් තිබෙනවා."

ත්‍රිරෝද රථවලට සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 05 සිට 10 දක්වා වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) අනුමැතිය ලබාදුනි.

නව කෝටාව ලබාදීම නොවැම්බර් 06 වනදා සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කෙරෙන අතර ඊට අදාළව ලියාපදිංචි කිරීම් නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now