ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ තීරණයක්..!

Sri Lanka New year petrol diesel Fuel crisis CPC
By Sewvandhi Apr 11, 2022 08:24 AM GMT
Report

සිංහල අලුත් අවුරුදු දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව එළඹෙන 12,13,14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා.

"අපි තීරණයක් ගත්තා 12,13,14 දිනයන්හි විදුලි බලය කැපීමක් සිදු නොවන නිසාත් මූලික පියවරක් හැටියට කෑන්වලට ඉන්ධන ලබාදීම නතර කරන්න. ඒ අනුව හෙට දිනයේ සිට ඉදිරි දින තුන තුළ බූලිවලට කෑන්වලට ඉන්ධන ලබාදීම නතර කරනවා. මේ කාලේ කොහොම වුනත් අපි දන්නවා කෘෂිකර්මාන්තය තුළ නියැලිලා ඉන්න ගොවි මහත්වරු විශාල පිරිසකගේ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන ආකාරයෙන් මෙය ලබාදීමට අපි ක්‍රමයක් සකස් කළා.

විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී මහත්මයා, ග්‍රාම සේවා නිලධාරීවරයා මගින් සහතික කරලා කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන රථ සඳහා අවශ්‍ය ඉන්ධන  පිරවුම්හල් වෙතින් ලබාගන්න පුළුවන්. පසුගිය දිනවල විශාල වශයෙන් ඉන්ධන කෑන් සහ බූලිවලට රැඟෙන ගිය නිසා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න කියලා .

ඒ අනුව අපිට වාර්තා වෙනවා ඊයේ දිනයේ පමණක් ලීටර් 10,000 මේ වගේ අනවශ්‍ය විදියට, නීති විරෝධීව රැස්කරගෙන තිබිලා පොලිසිය විසින් ස්ථානය කිහිපයක තිබිලා ලබාගෙන තියෙනවා. මොකද ඉන්ධන කිසිදු ආකාරයකින් පෞද්ගලිකව රැස්කර තබාගැනීමේ බලයක් සාමාන්‍ය ජනතාවට නෑ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩාකරගන්න පුළුවන් ඉන්ධන පිරවුම්හල්වලට පමණයි. "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now