මෙරට ඩීසල් පරිභෝජනය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්..!

Sri Lanka diesel Gotabhaya Rajapaksha economic crisis Fuel crisis
By Sewvandhi Apr 09, 2022 11:20 AM GMT
Report

දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4500කින් ඉහළ ගොස් ඇති බව බලශක්ති අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයට අනුව දෙසැම්බර් මාසයේ සිට මාස තුනක කාලය තුළ දෛනික ඉන්ධන පරිභෝජනය සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 5,500කි. කෙසේ වෙතත් දෛනික ඩීසල් භාවිතය මෙට්‍රික් ටොන් 8,000 ඉක්මවා ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

විදුලිබල උත්පාදනය සඳහා සපයන ඩීසල් ප්‍රමාණයට සාපේක්ෂව ජනතාවගේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය තුළ මාසික ඉන්ධන අවශ්‍යතාවය සඳහා රජයට ඩොලර් මිලියන 500ක් වැය කිරීමට සිදුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් තවත් යාත්‍රාවක් අප්‍රේල් 15 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර භූමිතෙල් සඳහා දෛනික ඉල්ලුම ද මෙට්‍රික් ටොන් 800 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now