අද ඩීසල් ගොඩබෑවද - ඩීසල් අර්බුදයේ නවතම තත්ත්වය..
Sri Lanka
Indian
Diesel
fuel crisis
By Sewvandhi
පසුගියදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 52 සපයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන තෙක් ඊට ගෙවීම් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.
අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් ඇති බව වාර්තා වෙයි. ඉන් ඩීසල් ගොඩබෑමට නියමිතව තිබුණේ පසුගිය 29වනදාය. එම නෞකාවේ ඩීසල් තොග මෙතෙක් නොලැබීම නිසා රට තුළ මේ වනවිට දැඩි ඩීසල් හිඟයක් ද ඇතිවී තිබේ.
මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන ඉන්ධන නෞකා අතරින් එක් නෞකාවක් ඩීසල් මෙට්‍රික් ටොන් 38,200ක් රැගෙන හෙට (01) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.
එමෙන්ම එම ණය යෝජනා ක්‍රමය යටතේම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 38,200ක් රැගත් නෞකාවක් එළැඹෙන පස්වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |