නැතිව තිබූ ඉන්ධන සම්බන්ධයෙන් අද සිට රටටම සුබ ආරංචියක්..01 වනදා සිට ගෑස් වලටත් වෙන දේ මෙන්න.

Ceylon Petroleum Corporation Litro Gas Liquefied Petroleum Gas Sri Lanka Fuel Crisis
By Aruna Nov 28, 2022 11:08 PM GMT
Report

රට තුළ නැවත වරක් ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අවධාරණය කර සිටිනවා.

එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඉදිරි දින තුන තුළ සියලු කෘෂිකාර්මික ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙලක් රජය විසින් අද(29) සිට ආරම්භ වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ධීවරයින්ගේ භූමිතෙල් ගැටළුව විසදනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා ද භූමිතෙල් ලබාදෙන බවයි.

ඉන්ධන අන්තර් පළාත් දිස්ත්‍රික් හුවමාරු භාණ්ඩයක් බව සළකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂි වගාවන්ට භූමිතෙල් සැපයීමේදී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමටද සිදුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now