2000කට ආසන්න පිරිසක් රැස් වූ තැනක මිනිත්තු කිහිපයක් තුළ පිපිරීම් මාලාවක් - තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 45 දක්වා ඉහළට.. එහි නවතම තත්ත්වය.. (VIDEO)

By krishani Oct 29, 2023 01:04 PM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක පිපිරීම් මාලාවක් සිදු වී තිබෙනවා.

එම පිපිරීම් හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන් වේ.

මෙම පිපිරීම් මාලාව සිදුව ඇත්තේ කතෝලික නිකායකට අයත් අනුගාමිකයන් පිරිසක් සහභාගී වූ යාඥා මෙහෙයක් අතරතුරයි.

ඒ කොචින් නගරයේ සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයකයි.

එම පිපිරීම් සිදු වන අවස්ථාවේ එහි 2000කට ආසන්න පිරිසක් රැස් වී සිට ඇත.

කෙසේ වෙතත්, එහි යාඥා මෙහෙය ආරම්භ වී මිනිත්තු කිහිපයක් අතරතුර පිපිරීම් 3ක් සිදුව ඇති අතර මෙම පිපිරීම් මාලාවට අදාළව එහි වගකීම භාර ගනිමින් 48 හැවිරිදි පුද්ගලයෙක් පොලිසියට භාර වී ඇත.

වීඩියෝ දර්ශන - Mojo Story YouTube Channel