පාසල් සිසුවෙකුගේ බිහිසුණු ප්‍රහාරයකින් ගුරුවරියක් ජිවිතක්ෂයට..!

France Crime
By Sewvandhi Feb 22, 2023 03:22 PM GMT
Report

 විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 50ක් පමණ වන ස්පාඤ්ඤ ජාතික ගුරුවරියක් ප්‍රංශයේ පාසල් සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

16 හැවිරිදි සිසුවා සිය බෑගයේ තිබූ පිහියක් රැගෙන ගුරුවරිය ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි පන්තිකාමරයට පැමිණ ඇයට පහරදී ඇති බව සඳහන්ව ඇත.

ප්‍රහාරයට ලක්වූ ගුරුවරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අදාළ සිසුවා පන්තිකාමරයට ඇතුළුවී පසුව එහි දොර වසා දමා ගුරුවරියගේ පපු ප්‍රදේශයට මෙලෙස පිහියෙන් ඇන ඇති බවය.

සිද්ධියට අදාළ සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන අයෙකු බවට ද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා ද අදාළ පාසල වෙත පැමිණ තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now