පොහොට්ටුව ගැන නිදහස් පක්ෂයෙන් දැඩි තීරණයක්?

politics election Freedam party Pohottuva Rohana Lakshman
By Sewvandhi Mar 05, 2022 11:07 AM GMT
Report

ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ සමඟ තරග නොකළ යුතු බවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හමුවේදී යෝජනාවක් කර තිබෙනවා.

එහි අවසන් තීරණය විධායක සහ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ. 

අද (05) කොළඹට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මණ්ඩලය මෙම යෝජනාවට පිවිසියේ පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අය ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීමත් සමගයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය පක්ෂ එම ක්‍රියාවලිය විවේචනය කරමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, ආණ්ඩුවට පක්ෂපාතී වුව ද රටේ පවතින සැබෑ අර්බුදකාරී තත්ත්වය ජනතාවට පැවසීමෙහි වරද කුමක්ද යන්න පිළිබඳවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now