දෙසැම්බර් 3 නොමිලේ බස් ගමනක් - ආබාධිත පුද්ගලයන්ට විශේෂ සහනයක්
ආබාධිත පුද්ගලයන්ගේ අන්තර්ජාතික දිනය යෙදී ඇති දෙසැම්බර් 3 වැනිදා මෙරට ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
අද (27) පාර්ලිමේන්තුවේදී සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආබාධිත පුද්ගලයන්ගේ අන්තර්ජාතික දිනය නිමිත්තෙන් එදින ඔවුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස තමන් මෙට්‍රෝ ආයතනයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන් නොමිලේ මෙට්‍රෝ බස් රථවල ප්‍රවාහනය කිරීමට තීරණය කර ඇති බව එම ආයතනයේ සභාපතිවරයා ලිපියක් මඟින් තමන් වෙත දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
ඒ අනුව, දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත.