පාසල් සිසුවියන් සදහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් තිළිණපතක්..

Ministry of Education Sri Lanka Sri Lankan Schools School Children
By Piyumika Jun 06, 2024 07:03 AM GMT
Report

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර ඇත.

එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කෙරුණ අතර මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති මෙන්ම මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.

හිටපු නගරාධිපතිවරයකුගේ අමුතු ගංවතුර ආධාර..

හිටපු නගරාධිපතිවරයකුගේ අමුතු ගංවතුර ආධාර..

ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1200ක් වටිනා තිළිණපතක් හිමිවන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකියි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්තවන අතර රුපියල් 600ක වටිනාකමින් යුත් ඒ හා බී ලෙස කොටස් දෙකකින් සමන්විත වනවා සේම  එම තිළිණපතේ පළමුව ඒ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය ලබන 10 – වැනිදා සිට ජූලි 10 දක්වා සඳහන් කර තිබේ.

සොයමින් සිටි 17 හැවිරිදි පිරිමි දරුවා හමු වුණ හැටි..

සොයමින් සිටි 17 හැවිරිදි පිරිමි දරුවා හමු වුණ හැටි..

එමෙන්ම තිළිණපතේ බී කොටස භාවිත කළ හැකි වන්නේ සැප්තැම්බර් මස 01 වැනිදා සිට 30 වැනිදා අතර කාල සීමාවේ පමණක් බව ද සඳහන් වේ. ඒ හේතුවෙන් අදාළ කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදු කළ යුතු වනවා