මෙහෙම දෙයක් නම්?. රට රැකියාවකට යන්න ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක් මෙන්න..

Sri Lanka Police Sri Lanka Police Investigation Job Opportunity Latest Headlines
By krishani Apr 03, 2024 01:02 PM GMT
Report

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

මෙහෙම දෙයක් නම්?. රට රැකියාවකට යන්න ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක් මෙන්න.. | Fraud By Saying That They Will Give Jobs Romania

ඇයව අප්‍රේල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා 02 වැනිදා නියම කළේ ය.

ඇය මාලිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැගවී සිටිය දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණින.

සැකකාරිය විසින් විදේශ රැකියා ලබා දීම සඳහා බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

මෙන්න මේ රටවල් 07ට නොමිලේ වීසා.. හැබැයි මෙහෙමයි..

මෙන්න මේ රටවල් 07ට නොමිලේ වීසා.. හැබැයි මෙහෙමයි..


රුමේනියාවේ ක්ෂේත්‍ර කීපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇති බව වාර්තා වේ.

නමුත් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී ඇත්තේ ඇයට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇති පුද්ගලයින් 88 දෙනෙකු පිළිබඳව වාර්තා වේ.

එනම් සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයන් ය.

ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)

ලබන 05 වෙනිදා - ලොකු දේශපාලන පෙරළියක්?. (VIDEO)


මේ සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණෙන ලෙස විමර්ශණ නිලධාරීන් ඇයට දන්වා තිබෙනවා.

නමුත් ඇය විමර්ශණ නිලධාරීන් ඉදිරියේ පෙනී නොසිට සැගවී සිට ඇත.

කෙසේ වෙතත්, සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමණාකරු සහ තවත් අයෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.