ශුද්ධෝත්තම පාප් වහන්සේ හදිසියේම රෝහල්ගත කෙරේ..!

Pope Francis
By Sewvandhi Mar 30, 2023 06:09 AM GMT
Report

 ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එතුමන්ට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවය. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.

දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ දී යම් අපහසුතාවක් ඇති බව උන්වහන්සේගේ සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට උන්වහන්සේ රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කර තිබේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයින් සහ ආරක්ෂකයින් ද උන්වහන්සේ සමග රෝහලේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාප් වහන්සේගේ ඉක්මන් සුවය පතමින් යාඥා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රට වැසියන්ගෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now