වසර 80කට පසු ප්‍රංශයේ දරුණු ලැව්ගිනි තත්ත්වයක්

France Accident Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Aug 06, 2025 06:40 PM GMT
Shehan

Shehan

in ලෝකය
Report

ප්‍රංශයේ ඕඩ් කලාපයේ මේ වන විට බිහිසුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇත.

විදෙස් වාර්තාවන්ට අනුව, වසර 80කට ආසන්න කාලයකට පසු ප්‍රංශයේ හටගත් විශාලතම ලැව්ගින්න මෙය බව සඳහන් වේ.

ගින්න පාලනය කිරීම සඳහා ප්‍රංශ ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක යෙදුණද, දකුණුදිග ඕඩ් කලාපයේ ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇත.

වනාන්තර සහ ගම්මාන හරහා ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, අවම වශයෙන් නිවාස 25ක් ගිනිබත්ව ඇති බව ප්‍රංශ බලධාරීහු විශ්වාස කරති. 

මේ අතර, Perpignan නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ශාන්ත ලෝරන්ට් ඩි ලා කැබ්‍රෙරිස් ගම්මානයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ගින්න මේ වන විට පැරිසියට වඩා විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. ඒ හේතුවෙන්, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස බලධාරීහු උපදෙස් දී ඇත.

ප්‍රංශය මෙවැනි බිහිසුණු ලැව්ගින්නකට මුහුණදුන් අවසන් අවස්ථාව 1949 වසරේදී වාර්තා වී ඇත.