විරෝධතාකරුවන්ගෙන් ජනපතිගේ ප්‍රියතම අවන්හලට ප්‍රහාර - (VIDEO)

France
By Sewvandhi Apr 07, 2023 01:05 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැරිසියේ විරෝධතාකරුවන් එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රියතම අවන්හලකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

පොලිසිය La Rotonde bistro අවන්හල වටා, බාධක යොදමින් ආරක්ෂාව තර කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මතභේදාත්මක විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රංශයේ විරෝධතා අඛණ්ඩව විරෝධතා පැවැත්වුණා. 

විශ්‍රාම යෑමේ වයස 62 සිට 64 දක්වා වැඩි කිරීමට අදාළව නීති සම්පාදනය කිරීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ සිට එරට විරෝධතා ඇතිවුණා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අප්‍රේල් 14 වන දින ප්‍රතිසංස්කරණ පිළිබඳ තීන්දුවක් ගනු ඇති බවත්,නීති සම්පාදනයේ වලංගුභාවය පිළිබඳ තීරණයක් වෙනුවෙන් ජනතාව බලා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා 

 ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇත්තේ ඊයේ(06) පැවති වැඩවර්ජනවලට පුද්ගලයින් 570,000ක් සහභාගී වූ නමුත් ප්‍රංශ වෘත්තීය සමිති කියා සිටියේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවත් මිලියන දෙකකට ආසන්න ජනතාවක් සහභාගී වූ බවත්ය.

මේ අතර ප්‍රතිසංස්කරණ පිළිබඳ තීන්දුවට දිනකට පෙර එනම් අප්‍රේල් 13 දා වෘත්තීය සමිති වැඩ වර්ජන සහ විරෝධතා කැඳවා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now