ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Accident
By Gagana Apr 22, 2024 05:45 AM GMT
Report

ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී වසර 5කට පසුව 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ආරම්භ වූ අතර, ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ,අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටින බව පොලිසිය පැවසුවේ ය.

එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.