හිම කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට.

France
By krishani Apr 10, 2023 05:21 AM GMT
Report

ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ හිම කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මියගිය අයගෙන් දෙදෙනෙක් කඳුකර මගපෙන්වන්නන් වන අතර තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇත.තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇත. 

සුනඛයන් සහ කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායම් විපතට පත් අය වෙත ළඟා වීමට උත්සාහ කරමින් සිටින අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සිය සංවේගය ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join