සතුටෙන් නැග්ග ලිස්සන ගහ එකපාරටම කඩා වැටිලා - 04කට නොහිතපු වෙලාවක වුණ අකරතැබ්බය..

Hospitals in Sri Lanka Accident Latest Headlines
By krishani Apr 16, 2024 11:32 AM GMT
Report

අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

සතුටෙන් නැග්ග ලිස්සන ගහ එකපාරටම කඩා වැටිලා - 04කට නොහිතපු වෙලාවක වුණ අකරතැබ්බය.. | Four People Are Injured In Gampola

එම සිදු වූ අනතුරෙන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ (15) පස්වරුවේ ගම්පොළ, ගම්පලවෙල රාජඇලගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අවුරුදු උත්සවයේ ලිස්සන ගහේ නැගීමේ තරගය පැවැත්වෙන අතරතුර එය කඩා වැටී ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ ලිස්සන ගසෙහි නැගීමට උත්සාහ දරමින් සිටි සිව් දෙනෙකු මෙලෙස අනතුරින් තුවාල ලබා තිබෙනවා.