සවුත්එන්ඩ් ගුවන්තොටුපළ අසළ ගුවන් අනතුරකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට
London
Accident
Latest Headlines
Sinhala news
Puwath.lk
By Shehan
සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (13) සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කර තිබේ.
සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටී ගිනි ගැනීමට ලක් විය.
මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව වාර්තා වේ.
කෙසේ නමුත්, තුවාල ලැබූවන්ගේ ගණන හෝ මිය ගිය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත වාර්තා එහිදී සටහන් වී නොතිබිණි.
මේ අතර, අනතුර හේතුවෙන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළ තවදුරටත් දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගනු ලැබීය.