හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

Gotabaya Rajapaksa Latest Headlines Sinhala news Breaking News Puwath.lk
By R.rishma Jul 23, 2026 08:10 AM GMT
Report

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අදාළ පෙත්සම් විභාගයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අභියාචනාධිකරණය වෙත පැමිණියේය.

මෙම පෙත්සම පසුගිය 09 වනදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සිව්වන දිනටත් සලකා බැලුණු අතර, වැඩිදුර කරුණු සලකා බැලීම අද දින දක්වා කල් තැබිණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ශානි අබේසේකර මහතා ද්වේෂ සහගතව කටයුතු කළ බවට තහවුරු කරන කිසිදු සාක්ෂියක් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර නොමැති බවයි.