හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

Sri Lanka Police Death Latest Headlines Sinhala news Breaking News
By R.rishma Jul 17, 2026 03:05 AM GMT
Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදීමක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීම් තුවාල සහිතව සිටියදී ඔහු නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එසේ වුවත් ඔහු රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශයකයෙක් පවසයි.

එසේම මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.

සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වන අතර ඔහු වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබෙන බව සඳහන්.