ශ්‍රී ලංකාවේ සංචාරය කළ FBI රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියෙක් අත්අඩංගුවට.
Sri Lanka
United States of America
By Wayomi
මාස 1 කට පෙර
ශ්‍රී ලංකාවේ සංචාරය කර නැවත යමින් සිටි ඇමරිකානු FBI රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියෙකු වන චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපලේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින්.
ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රුසියානු ප්‍රකෝටිපතියෙකු වන ඔලෙග් ඩෙරිපස්කා සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන්.
2018 වසරේදී FBI රහස් ඔත්තු සේවයෙන් විශ්‍රාම ගිය චාල්ස් මැක්ගොනිගල් සිය ව්‍යාපාර කටයුත්තක් සඳහා පසුගියදා මෙරටට පැමිණ තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |