ඥානසාර හිමි බැලීමට හිටපු ආරක්ෂක ඇමතිත් බන්ධනාගාර රෝහලට. - (PHOTOS)
පසුගියදා ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරනු ලැබුවා.
ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ, 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවත්වා තිබුනා.
කෙසේ වෙතත් අනතුරුව ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිිකාර ලබමින් සිටින බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා තිබුනා.
එමෙන්ම මැති ඇමතිවරුද උන්වහන්සේ ගේ සුව දුක් විමසීමට අවස්ථාවක කිහිපයකදීම ගොස් තිබූ අතර ඊයේ(31) දිනයේ ද හිටපු ආරක්ෂක අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරාල් සරත් වීරසේකර ද ඥානසාර හිමි ගේ සුව දුක් විමසීමට බන්ධනාගාර රෝහලට ගොස් තිබුනා.