මහල් නිවාස සංකීර්ණයකින් තවත් කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
sri Lanka
woman dead body
Wallavaththa
apartnment
By Sewvandhi
මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් ඇති කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ තිබී එම කාන්තා මළ සිරුර සොයාගත් බවත් ඇය විදෙස් ජාතික කාන්තාවක් බවත්ය.
කුළි පදනම මත එම නිවාස සංකිර්ණයේ රැඳී සිට ඇති අදාළ කාන්තාව 66 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් බවට අනාවරණය වී තිබේ.
ඇය 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග එම නිවසේ රැඳී සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලදී සැකකාර පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |