විදෙස් රැකියා අපේක්ෂකයන්ට සුබ ආරංචියක් - විශේෂ දැනුම්දීමක්

Sri Lanka
By Sithumi Oct 31, 2022 03:09 PM GMT
Report

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ හරහා ගෘහ නිර්මාණ ශිල්පීන් (Architects), ඉංජිනේරුවන් (Engineers) සහ ප්‍රමාණ සමීක්‍ෂකයින් (Quantity Surveyors) සඳහා රැකියා ඇබෑර්තු රාශියක් ඇතිවිය හැකි බවය.

එම අවස්ථා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සෞදි අරාබියේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ අනුව, එම රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින් 2022.11.05 දිනයට පෙර www.slbfe.lk යන කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති Identification of qualified professionals for construction sector in K.S.A යන වෙබ් ද්වාරය (web portal) ඔස්සේ ඔවුන්ගේ තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත්කර කාර්යාංශයේ දත්ත බැංකුවේ ලියාපදිංචි වීය යුතු බවය.

මෙම රැකියා සඳහා ලියාපදිංචිවීම හා වැඩි විස්තර, කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් ලබාගත හැකිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now